2011-06-11

ශ්‍රීලාංකීය බ්ලොග් කලාවේ අලුත්ම පෙරලිය.


මේ ලිපිය ලියන්නෙ ඇත්තටම මට හරි සතුටු වෙලාවක. මගේ බ්ලොග් එකට, අහෙමත් නැත්තම් චාමිකගේ බ්ලොග් එකට මාස 7ක් තුල 10000කට වඩා පිරිසක් ඇවිත් තියෙනවා. ඉතින් සතුටු නැත්ද ??  හි හි.
මේ ඇත්තටම බ්ලොග් එකකට පාඨකයන් එන්න නම් බ්ලොග් ලියන කලාවෙ වගේම බ්ලොග් එකට තියෙන ප්‍රචාරයත් ගොඩක් වටිනවා. අන්න එතනදි තමයි බ්ලොස් සින්ඩිකේටර් වල සහය අපිට ගොඩාක් වට්න්නේ. ඉතින් අද මම හිතුව ඔයාලට උණු උණු සින්ඩියක් දෙන්න. ඇත්තටම මේ සින්ඩිය අද වෙනකොට ශ්‍රීලාංකීය මාධ්‍ය අවකාශයේ ඉහලින්ම ඉන්න ජන මාධ්‍යක් වන දෙරණ මාධ්‍ය ජාලය විසින් ආරම්භකරන ලද්දක්.
ඇත්තටම මේ සින්ඩිය අපි භාවතාකරන අනිත් සින්ඩිවලට වඩා බොහොමයක් වෙනස්. මොකද මේ සින්ඩියට වැටෙන ලිපි සේරම වගේ දෙරණ කාර්ය්‍යමණ්ඩලය විසින් පරීක්ෂාවකින් පසුවයි පළකරන්නේ. ඒවගේම ඔයාගෙ ලිපිය ගොඩක් වැදගත් කියල හිතුනොත් ඔයාගේ පෝස්ට් එකට අදාලව පින්තූරයක් දාන්නත් දෙරණ කාර්ය්‍යමණ්ඩලය වගබලාගන්නවා. ඉතින් ඔයාගේ අඩවියත් අවකශය වෙත ඇතුලත් කරන්න

ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය :
ඔබව සම්බන්ධ කරගත හැකි e -mail  ලිපිනය

 vimukthi@derana.lk   වෙත යවන්න. දිනක් ඇතුලත ඔබට සාමාජිකත්වය හිමිවෙනවාමයි.


එසේ නොමැතිනම් ඔබගේ පුද්ගලික ලිපි නිර්මාණ ඔබගේ විස්තර සමඟ ඉහත e -mail ලිපිනයටම යැවීමෙන් එම නිර්මාණ පළකරවාගත හැක.

අවකශය වෙත බ්ලොග් අඩවි/නිර්මාණ ඇතුලත් කිරීමේදී සලකා බලන කාරණා

  • ශ්‍රී ලාංකීය හෝ සිංහල අන්තර්ගතයක් සහිත අඩවියක් විය යුතුය
  • විවිධ වයස් සීමාවල පරිශීලයකයින් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් සුදුසු සේ ලියැවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග්  ඇතුළත් නොකෙරේ.
  • මුලික අරමුණ මුදල් ඉපයීම වන බ්ලොග් අඩවි ඇතුලත්  නොකෙරේ.
  • පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.